දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව විශ්‍රාමලත් දුම්රිය එන්ජින් රියදුරු නියාම ස්ථානාධිපති සංඥා පරීක්ෂක මාර්ග පරීක්ෂකවරුන් බඳවා ගැනීම 28 වන දින සිදු කරන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අර්ජුන රණතුංග මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී අදාළ බඳවා ගැනීම සිදු කිරීමට සැලසුම් කර තිබේ.