දොම්පේ පොලිස් ස්ථානාධිපතිට රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරය තුළ තුළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
දෙකටන ප්‍රදේශයේදී ගංජා කිලෝ දෙකක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා මෙම මුදල ලබාදීමට ස්ථානාධිපතිවරයා එකඟ කරවා ගෙන තිබූ බව අධ්‍යක්ෂකවරිය කීය.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එක්.කේ සංජීව මහතාගෙන් ලද පැමිණිල්ලක් අනුව නිළ කාමරය තුළ සැකකරු එම මුදල ලබා දීමේ දී අත්අඩංගුවට ගත් බව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරිය වැඩිදුරටත් පැවසුවාය.
ගංජා සමග අත්අඩංගුවට සැකකරුවෙකුගේ සහෝදරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
බිමල් ශ්‍යාමන්