දන්සල් ලබාදීමේදී සැමන් පිස ගැනීමකින් තොරව ලබාදීම මෙවර සපුරා තහනම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
සැමන් ලබාදීමට කටයුතු කරනවා නම් එය පිසීමකට ලක්කර ලබාදිය යුතු බවත්, පානීය ජලය ගබඩා කිරීමේදී මූඩිය සහිත පිරිසිදු බෝතල් හෝ ගැලුම්, බැරල් තුළ පමණක් ජලය ගබඩා කළයුතු බවද එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේය.
දන්සල් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචිය අනිවාර්යය බවත් ලියාපදිංචි කිරීම අදින් (25දා) අවසන් වන බවද පවසා සිටියේය.
