කොවිඩ්-19 බූස්ටර් එන්නතක් ලබාදීම අවශ්‍ය බව වර්තමාන දත්තවලින් පෙන්නුම් නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද (18දා) කියා සිටියේය.
එම සංවිධානය අවධාරණය කළේ ඉහළ ආදායම් ලබන රටවල් ඉහළම ප්‍රතිශක්තීකරණයක් සඳහා උනන්දුවීමට පෙර ලොව පුරා සිටින වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට පූර්ණ එන්නත ලබාදිය යුතු බවයි.
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදන ඉහළ යන හෙයින් සැප්තැම්බර් 20දා සිට සියලුම ඇමෙරිකානුවන්ට බූස්ටර් එන්නතක් ලබාදීමට සැලසුම් කළ බව එක්සත් ජනපද රජය පැවසීමට මොහොතකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අදහස යළි අවධාරණය කළේය.
එම සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් ජිනීවා ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේ බූස්ටර් එන්නතක අවශ්‍යතාව සැලසුම් කිරීම සඳහා තවදුරටත් පර්යේෂණ අවශ්‍ය බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෘස් අයිල්වර්ඩ් විසින් ඉහළ ආදායම් ලබන රටවල පරිපාලනය කෙරෙන බූස්ටර් එන්නත් ගැන සඳහන් කරමින් වාර්තාකරුවන්ට පැවසුවේ, ලොව පුරා ප්‍රමාණවත් තරම් එන්නත් ලබාදී ඇති නමුත් එය නිවැරදි පිළිවෙලට නිවැරදි ස්ථානවලට ගොස් නැති බවයි.
පූර්ණ එන්නත ලබාදුන් අයට බූස්ටර් මාත්‍රාවක් ලබාදීමට පෙර ලොව වඩාත්ම අවදානමට ලක්විය හැකි අයට මාත්‍රාවන් දෙකක් ලබාදිය යුතු බවත්, ලෝකය තවමත් එයින් බොහෝ ඈතින් සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.