තායිවානය අපේ‍්‍රල් මාසයේ සිට දේශීයව සම්ප්‍රේෂණය වන ප්‍රථම නව කොරෝනා වෛරස සිද්ධිය වාර්තා කර ඇත. මෙම දූපත් රාජ්‍යය ලෝකයේ වඩාත්ම සාර්ථක වසංගත ප්‍රතිචාර වලින් එකක් වන අතර, නව ආසාදනය දින 255ක කාලයක් දේශීය සම්ප්‍රේෂණයකින් තොරව සිටීමෙන් පසුව වාර්තා වන සිද්ධියයි.
තායිවාන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අඟහරුවාදා නිකුත් කළ නිවේදනයකට අනුව, දෙසැම්බර් 8 සිට 12 දක්වා කාලය තුළ විදේශීය ගුවන් නියමුවෙකු සමග සම්බන්ධතා පැවැත්වීමෙන් 30 හැවිරිදි කාන්තාවක් මෙසේ ආසාදනය වී තිබේ.
අප්‍රේල් 12දා සිට තායිවානය නව කොරෝනා වෛරස්වලින් තොර වූ අතර, විදෙස් රටවලින් පැමිණි සිද්ධීන් පමණක් වාර්තා විය. දිවයිනට පැමිණෙන පිරිස් නිරෝධායනයකට යා යුතු වූ අතර, ධනාත්මක බව පරීක්ෂා කරන අය හුදෙකලා වී ප්‍රතිකාර වෙත යොමුවිය. වසංගතය ආරම්භ වූ දා සිට තායිවානයෙන් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 770ක් වන අතර, මෙවැනිම විදේශයන්ගෙන් පැමිණි සිද්ධි තුනක්ද සඳුදා වාර්තා විය.
තායිවානය සිය පළමු කොවිඩ්-19 සිද්ධිය ජනවාරි 21 වැනි දින සනාථ කළ අතර, පසුව ඔවුන් වහාම ආරක්ෂිත පියවර අනුගමනය කරමින්, ආසාදිත රටවලින් පැමිණෙන පිරිස් සීමා කිරීමටත්, ඔවුන් පරීක්ෂා කිරීමටත් කටයුතු කළේය. එමෙන්ම තායිවාන වැසියන්ද මුල සිටම ස්වයං විනයක් සහිතව මුඛ ආවරණ පැලඳ කටයුතු කළේය.