දින කීපයක් තිස්සේ ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ,ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීම හේතුවෙන් දැදුරුඔයේ ඔයේ ජල මට්ටම මේ වන විට ඉහළ ගොස් ඇත.
නිකවැරටිය වාරිමාර්ග ඉංජිනේරු ඩී.එම්.පියදාස මහතා ප්රකාශ කළේ දැදුරුඔය ජලාශයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි එක දක්වා විවෘත කර ඇති බවත් ,දැදුරුඔයේ ජල මට්ටම යම් ප්රමාණයකට ඉහළ ගොස් තිබුණද එය පහළ ජනයාට ගංවතුර තත්ත්වයක් ඇති නොවන බවයි.
එහෙත් තවදුරටත් වැසි වර්ධනය වී ජලාශයේ ජල මට්ටම ඉහළ ගියහොත් තත්ත්වය වෙනස් විය හැකි බවද පැවසීය.
නිකවැරටිය ප්රියානි මංගලිකා