"වනජීවී කළමනාකරණයේදී යෝජනා මාලාවක් දැන් අපේ නිලධාරි මහත්වරු, මහත්මීන්ගේ කමිටුව අපිට භාර දීලා තියෙනවා. දැන් මේක අපි මෙතනින් ඉදිරියට යන්න ඕනේ ,මේක සරල වැඩක් නෙමෙයි, දැන් අපිට අමාත්‍යාංශයට වාර්තාව භාර දීලා තියෙනවා. අපි මෙතනින් එහාට මේක කැබිනට් මණ්ඩලය එක්ක සාකච්ඡා කරලා, අලුත් නීතිරීතී හදන්න වෙයි, සමහර සත්තු පළිබෝධ කියලා ඇතුල් කරන්න වෙන තත්වයක් ඇවිත් තියෙනවා. එකක් කියන්නම් දඬුලේනා පළිබෝධකයෙක් ලෙස සලකන්න කියලා වාර්ථාව කියනවා, ඒ කියන්නේ ගොවියාට පුලුවන් තමන්ගේ භුමියේදී එයා පළිබෝධකයෙක් විදිහට සලකලා ඉවත් කරන්න.ඒ වගේ තව කියන්න බැරි දේවලුත් මේකේ තියෙනවා." යැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරී මාර්ග අමාත්‍යය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාහ කර සිටියේ අනුරාධපුර මඉලුප්පල්ලම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.
"ලංකාවේ වන සතුන් කළමනාකරණය කියලා මාතෘකාවක් නැහැ, වන සත්තුන්ගෙන් හානි ගැන කියවෙනවා, කියනවා හැමතැනම, අපි ජනතාව අතරට ගියාම ඒගොල්ලෝ කියන්නේ කාට කිව්වත් මේකට උත්තරයක් නෑ කියලා, ඉතින් මේ කෘෂිකාර්මික පැත්තට මේකෙ තියෙන විශාල බලපෑමක් තියෙන නිසා, අස්වැන්නට විශාල හානියක් වෙන නිසා, කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් වාරිමාර්ග අමාත්‍යාංශය පැත්තෙන් මේකට අත ගහන්න ඕන කියලා ,තීරණයකට ආවා.
ඒකට අනුව වැඩ කරන්න ගන්න කොටම අපිටආව ප්‍රශ්නයක් අපිට පේනවා සමහර පැතිවල දැන් උදාහරණයක් ගත්තොත් රිලවා වැඩියි කියලා අපිට තේරෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මොකක් හරි කරන්න උත්සාහ ගන්නකොටම අපිට ආපු ප්‍රශ්නයක් තියෙනවා . ඒ ප්‍රශ්නෙ තමයි සමහර අය අපෙන් අහන්න පටන් ගත්තා ඔයගොල්ලෝ කොහොමද මේ සත්තු වැඩියි කියලා කියන්නේ කියලා.
අලි ගැන නම් අදහසක් තියෙනවා රටේ මෙන්න මෙච්චරක් ඉන්නවා කියලා,අනෙක් සත්තු ගැන ප්‍රශ්නයක් ආවා. ඔයගොල්ලෝ කොහොමද වැඩියි කියලා කියන්නේ, දැන් මේ සත්තුන්ට ආදරේ කරන පරිසර පැත්තෙන් හිතන ඒගොල්ලෝ ඉන්න ඕන කියලා හිතන, අපිත් ඉන්න ඕන කියලා හිතනවා,ඉන්න ඕන, හැබැයි වන ජීවීන් කළමනාකරණය කියන මාතෘකාව ලංකාවේ නෑ ඒකට ආයතනයකුත් නෑ. ඒ නිසා තමයි කාට කොහේ හරි ගිහින් මොනවා කිව්වොත් ඔහේ තියෙන්නේ? වන ජීවී එක ඉන්නෙත් සත්තු රකින්න මිසක, සත්තු කළමනාකරණය කරන්න නෙමෙයි ,නමුත් ලෝකයේ වනජීවීන් කළමනාකරණයක් තියෙනවා.
අපේ රටටත් වනජීවී කළමනාකරණය කියන මාතෘකාව අවශ්‍යයි, ඒකෙදි පළවෙනිම වැඩේ තමයි සත්තු ගණින එක,සත්තු ගණින් නැතුව කාටවත් කියන්න බෑ සත්තු වැඩියි කියලා. හැබැයි අපේ ජීවිතයේදී දකිනවා වැඩියි, ඒ නිසා තමයි මොන අඩුපාඩු තියෙද්දී හරි අපි ගනින්න ඕන කියලා පටන් ගත්තේ, දැන් අපි දන්නවා වන සතුන්ගෙන් විශේෂයෙන් අපි රිලවා ගත්තොත් වැඩිම හානිය තියෙන දිස්ත්‍රික්කය නුවර, හේවා හැට පැත්ත තමයි වැඩිම, නුවර, කෑගල්ල, අනුරාධපුර, කුරුණෑගල ඔය දිස්ත්‍රික්ක ටික තමයි රතු, දැන් අපි ඒවා ලංකා සිතියමේ ලස්සනට පෙන්නලා අපේ නිලධාරී මහත්වරු මේක එළියට දැම්මා, යාපනය වගේ පැත්තක් ගත්තොත් ඇත්තෙම නැති තරම් , එතකොට මේ ප්‍රශ්න බරපතල විදියට තියෙන තැන් ටිකවත් අපි හදුනගෙන තියෙනවා,
ඒ වගේම ගණනය කිරීමක් කරලා තියෙනවා .සමහර අයගේ ගෙවල්වල තාමත් ඔය කොලේ ඇති,දීපු නැති අයත් ඇති, සමහරු බොරුවට දාලා ඇති, වන සත්තුන්ගෙන් වැඩිපුර හානි තියෙන පැති වල අය ගාන වැඩිපුර දාලා ඇති අනිවාර්යෙන්, එතකොට ඒ ගැනපු, ඒ ගැනලා හදපු ඉලක්කම නෙමෙයි, අපි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ, ගැනලා ඉවර වෙලා නැවත පරීක්ෂණ කරලා තියෙනවා යම් යම් ගම් කීපයකට ගිහිල්ලා. මං හිතන්නේ මේ පැත්තෙත් කොහේ හරි කරා, මට ඒ ගමේ නම මතක නෑ, එහෙමත් කරලා මේක සමබර කරලා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් වනජීවී කළමනාකරණයේදී යෝජනා මාලාවක් දැන් අපේ නිලධාරි මහත්වරු, මහත්මීන්ගේ කමිටුව අපිට භාර දීලා තියෙනවා.
දැන් මේක අපි මෙතනින් ඉදිරියට යන්න ඕනේ ,මේක සරල වැඩක් නෙමෙයි, අපේ රටේ හැමෝම මේ අවුරුදු ගණන් ඔඩුදුවපු, මුල්බැහැපු , ගැටලු මේවා සරළව විසඳන්න පුලුවන් කියලා හිතන් ඉන්නේ, එහෙම බෑ, අපිට සත්තු මරාගෙන මරාගෙන යන්න කියලා කියන්නත් බෑ, ඒගොල්ලොත් ඉන්න ඕන. ඉතින් ඒක නිසා මේක බරපතල විශේෂ ඒ වගේම වගකීම් සහගත වැඩක්, ඒ නිසා තමයි අපි වගකීම් සහගත ක්‍රමයට මේක කරගෙන කරගෙන එන්නේ.
දැන් අපිට අමාත්‍යාංශයට වාර්තාව භාර දීලා තියෙනවා. අපි මෙතනින් එහාට මේක කැබිනට් මණ්ඩලය එක්ක සාකච්ඡා කරලා, අලුත් නීතිරීතී හදන්න වෙයි, සමහර සත්තු පළිබෝධ කියලා ඇතුල් කරන්න වෙන තත්වයක් ඇවිත් තියෙනවා. එකක් කියන්නම් දඬුලේනා පළිබෝධකයෙක් ලෙස සලකන්න කියලා වාර්ථාව කියනවා, ඒ කියන්නේ ගොවියාට පුලුවන් තමන්ගේ භුමියේදී එයා පළිබෝධකයෙක් විදිහට සලකලා ඉවත් කරන්න.ඒ වගේ තව කියන්න බැරි දේවලුත් මේකේ තියෙනවා.ඒවා අපි වගකීම් සහගතව මේක අපි මැදිහත් වෙනවාට වඩා අවශ්‍ය වෙන්නේ මේක ඒ ක්ෂේත්රය සම්බන්ධ විශේෂඥයෝ සම්බන්ධ වෙලා මෙවැනි කටයුතු කරන එක , අපිට තියෙන්නේ ඒ අයට සහය දෙන්න. අපේ සහාය අපි ලබා දෙනවා." යැයි පැවසීය.
