සාම පා ගමනට ලංකාව බලා භික්ෂූන් වහන්සේලා වඩිති
‘Walk for Peace Program in Sri Lanka’ නමින් පැවැත්වීමට නියමිත සාම පාගමන සඳහා සහභාගී වීමට නියමිත භික්ෂූන් වහන්සේ පිරිසක් මේ වනවිට ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර තිබේ.
එම භික්ෂූන් වහන්සේ පිරිස ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි ඩලස් ෆෝර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ශ්‍රී ලංකාව වෙත ගමන් ආරම්භ කර ඇත.
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටන් දක්වා ප්‍රාන්ත 10ක් හරහා දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනක නිරත වූ ගෞරවනීය භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් මෙරටදී මෙම ‘Walk for Peace Program in Sri Lanka’ වැඩසටහන සංවිධානය කර ඇත.
මෙම සාම පාගමන සඳහා ඇමරිකාවේ පැවති සාම පාගමනට නායකත්වය ලබා දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ දොළොස් නමක් ලබන 21 වන දින ශ්‍රී ලංකාවට වැඩම කිරීමට නියමිතය.
අනතුරුව, අප්‍රේල් 22 වන දින සිට අප්‍රේල් 28 වන දින දක්වා දින හතක් පුරා මහා සංඝරත්නය ප්රමුඛ පිරිස මෙම සාම පාගමනේ නිරත වීමට නියමිතය.
අප්‍රේල් 21 වන දින ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සාම පාගමනේ කටයුතු ආරම්භ කෙරෙන අතර, අටමස්ථානාධිපති හිමියන් ප්රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක්ද මෙම පාගමන සමඟ වැඩම කරවීමට නියමිතය.
එමෙන්ම, ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව වෙත සාමයේ පණිවිඩය ලබා දීමද සිදු කෙරේ.
අප්‍රේල් 22 වන දා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන මෙම සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර සහ කැලණිය හරහා ගමන් කර අප්‍රේල් 28 වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතය.
සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
