දැඩි වර්ෂාවත් සමඟ (31) සවස 5.30ට පමණ එක්වරම පැමිණි දැඩි සුළි සුළගකින් රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බුබුල හා කුරුවිතැන්න වසමේ නිවාස 20කට අධික ප්‍රමාණයකට හානි සිදුව ඇත.
ප්‍රදේශය පුරා විශාල වෘක්ෂ රැසක් කඩා වැටි විදුලි බිදවැටි ඇත. රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිළධාරිවරුන් වසම් තුල ඇවිදිමින් සිදුව ඇති හානි පිලිබද තක්සේරු හා වාර්ථා ලබාගනිමින් සිටිති.
බදුල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායක පාසල් හා ග්‍රාමීය ක්‍රීඩා යටිතල පහසුකම් ගරු රාජ්‍ය අමාත්‍ය තේණුක විදානගමගේ මහතාගේ උපදෙස් පරිදි රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත ජයසුන්දර මැතිතුමා සිදු වි ඇති හානිය නිරීක්ෂණය කර අවශ්‍ය ඉදිරි කටයුතු යෙදීමට පියවර ගන්නා ලදී.
මහියංගණ - රංජිත් කරුණාවිර