හම්බන්තොට ප්‍රදේශ කීපයකට අද (01) සවස 2.45 පමණ හමාගිය සුළි සුළඟක් හේතුවෙන් ප්‍රදේශයේ වෙළඳසැල් 37කට සහ නිවාස 10ක් සදහා දැඩි අලාභ හානි සිදුවී තිබේ.
සුළගින් මෙලෙස හානි වී ඇත්තේ තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ හම්බන්තොට සිරිබෝපුර පිහිටි දොදොල් කඩ 37කට සහ මයුරපුර හා සුචි ගම්මානයේ නිවාස 10කට වේ.
ප්‍රදේශයට පැවති දැඩි වර්ෂා පතනයත් සමඟ හමාගිය සුළගක් හේතුවෙන් මේ ආකාරයෙන් වෙළඳසැල් හා නිවාස සදහා දැඩි හානි සිදුවූ බවයි ප්‍රදේශයේ ජනතාව කියාසිටින්නේ.
කෙසේ නමුත් හානියට පත් නිවාස සදහා මුලික ගෙවීමක් ලෙස හෙට රුපියල් 10000 ක දීමනාවක් මෙන්ම හානියට පත් වෙළඳසැල් ඉක්මනින්ම පිළිසකර දීමට කටයුතු කරන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති වෛද්‍ය උපුල් ගලප්පත්ති කියාසිටියේය