උතුරට මේ දිනවල බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් උතුරු පළාතේ පවුල් 66,686කට අයත් පුද්ගලයින් 225,039 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව ඇති බවට ජාතික ආපදා කළමනාකරන ඒකකයේ තත්ත්ව වාර්තා අනුව පෙන්වා දෙයි.
දැඩි පෑවිල්ල හේතුවෙන් ප්‍රදේශයන්හි පිහිටි පානීය ළිං සිඳී යාම හා ශ්රීඝ්රයෙන් ජලය අඩුවීම හේතුවෙන් එම ප්‍රදේශයන්හි වැසියන් හට පානීය ජලය ලබා ගැනීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇත.
මේ අනුව උතුරේ පෑවිල්ල හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවන්ට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කයෙනි. එහි මුළු පවුල් 21,094කට අයත් පුද්ගලයින් 70,628 ක් පීඩාවන්ට පත්ව ඇති බවට ජාතික ආපදා කළමනාකරන මධ්‍යස්ථාන පවසයි.
එමෙන්ම මන්නාරමේ මුළු පවුල් 18,074 කට අයත් පුද්ගලයින් 63,115 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති අතර කිළිනොච්චිය දිස්ත්‍රීක්කයේ මුළු පවුල් 4,947 කට අයත් පුද්ගලයින් 27,564 ක් පීඩාවන්ට පත්ව ඇත.
තවද මුලතිව් දිස්ත්‍රීක්කයේ මුළු පවුල් 18,812 කට අයත් පුද්ගලයින් 61,154 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර වව්නියාවේ පවුල් 759 කට අයත් පුද්ගලයින් 7,578 දෙනෙකුද අධික පෑවිල්ල හේතුවෙන් පීඩාවට පත්ව ඇත.
එසේ පීඩාවන්ට පත් වැසියන් වෙනුවෙන් ප්‍රදේශ භාර ප්‍රාදේශීය ලේකම් කාර්යල හරහා පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය සැපයීමට පියවර ගෙන ඇති බවටද දිස්ත්‍රීක් භාර ආපදා කළමනාකරන කාර්යාල නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.