ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සදහන් කළේ අද (01) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,
මත්ද්‍රව්‍ය වැනි සමාජයට අහිතකර සියළු බලවේගයන් මර්දනය පිළිබදව ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු අතර, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේ ය.