පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දකුණු පළාතේ පාර්ලිමෙන්තු මන්ත්‍රිවරු 08 දෙනෙකු මෙවර පැවති පාර්ලිමෙන්තු මැතිවරණයේ දි පරාජයට පත්වුහ.
මෙසේ පරාජයට පත්වුයේ ගාල්ල දිස්ත්‍රික්කය සදහා සමගිජන බලවේගයෙන් තරග කරණු ලැබු පියසේන ගමගේ, විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ හා ගාල්ල දිස්ත්‍රික්කය සදහා එජාප කණ්ඩායමට නායකත්වය ලබාදුන් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන්ය.
එමෙන්ම මාතර දිස්ත්‍රික්කය සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේන් තරග කරණු ලැබු හිටපු රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි මනෝජි සිරිසේන යන මහත්වරුන්ද පරාජයට පත්වුහ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දි මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල්හදුන්නෙත්ති මහතා මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ නිහාල් ගලප්පත්ති යන මහත්වරුන්ද මෙවර පරාජයට පත්වුහ
