අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලට අවශ්‍ය සියලුම වර්ගයේ ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් දෙකක් විවෘත කර තිබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
පැය 24 පුරාම මෙම ඉන්ධන පිරවුම්හල් විවෘතව පවතින බවත්, වැලිපැන්න 44 සැතපුම කණුවේ මෙම ඉන්ධන පිරවුම්හල් 02 පිහිටා තිබෙන බවත් එම ඒකකයේ අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
මෙම ස්ථානයේ විවේක ගැනීමේ පහසුකම් හා යටිතල පහසුකම්ද පවතින බවද හෙතෙම කියා සිටියේය.
