දකුණ, බස්නාහිර, සබරගමුව, වයඹ හා මධ්‍යමට රතු නිවේදන
තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අද පස්වරු 5.00 ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 5.00 දක්වා වලංගු වෙයි.
ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය හා යාබද ලක්ෂදීපය ප්‍ර දේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති හෙයින් විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසේ (දකුණ, බස්නාහිර, සබරගමුව, වයඹ හා මධ්‍යම) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද පෙරවරු 8.00 සිට පස්වරු 4.30ක දක්වා පැය 8.30ක කාලයක් තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස හිනිඳුමින් මිලි මීටර් 190ක වර්ශාපතනයක් වාර්තාවී තිබේ.

popular news
-
S sisira Friday, 14 May 2021 08:50 AM
ow Aunty ta Aunty kiyanna ona chirantha ubath birinda newei achchi kiyapan. ekane hariyatama hari..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

