සති අන්තයේ වැටී ඇති දීර්ඝ නිවාඩුවත් සමග අද අද (22) දින උදෑසන සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම පිවිසුමේ පිටවීමේ දොරටු තුළ දැඩි වාහන තදබදයක් පවතින බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමේ නිලධාරියෙකු කියා සිටියේය .
මෙම රථ වාහන තදබදය අවම කිරීම සඳහා ඇතුල් වීමේ දොරටු තුනෙන් දෙකක් වසා එම දොරටුද පිටවීමේ දොරටු ලෙස ක්රියාත්මක කළ බවත් ඒ අනුව පිටවීමේ දොරටු 05 ක් මගින් වාහන පිටවීමට මේ වනවිට අවකාශය සකසා බවද හෙතෙම කියා සිටියේය .
රාහුල් සමන්ත