දකුණු කොරියාවේ සෙනසුරාදා දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 143ක් වාර්තා වූ බව බලධාරීහු පවසති.
මෙම ආසාදිතයන්ගෙන් 25 දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි අය වන අතර, සෙසු 118 දෙනා දේශීයව සම්ප්‍රේෂණය වූ ආසාදිතයන් බව කොරියාවේ රෝග නිවාරණ ඒජන්සිය පවසයි.
වසංගතය ආරම්භ වූදා සිට දකුණු කොරියාවේ පුද්ගලයින් 27,427 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් 478 දෙනෙකු මියගොස් තිබේ.