දකුණු කොරියාවේ එළඹෙන එන්නත්කරණ සැලසුමට අනුව 2021 නොවැම්බර් මාසය වන විට එරට තුළ කොවිඩ්-19 ප්‍රජා ප්‍රතිශක්තිකරණයක් ලබාගත හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති මූන් ජේ-ඉන් පවසයි.
ගෝලීය COVAX වැඩසටහන මගින් ලබාදෙන ආරම්භක එන්නත දකුණු කොරියාවේ පළමු වැනි කොරෝනා වෛරසය එන්නත් ලබාදීම වනු ඇති බවත්, එය සැලසුම් කිරීමට වඩා කලින් රටට පැමිණිය හැකි බවත් මූන් පැවසීය.
තුන්වැනි කාර්තුවේදී සාමාන්‍ය පුරවැසියන් වෙත යාමට පෙර අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන් සඳහා එන්නත ලබාදීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කොරියාවේ රෝග පාලන ඒජන්සියේ අධ්යක්ෂ ජියොන්ග් යූන් කියොං පැවසීය. මෙම එන්නත කොරියානු පුරවැසියන්ට සහ රටේ වෙසෙන විදේශිකයින්ට නොමිලේ ලබාදන බවද කියයි.
ජනාධිපති මූන් පැවසුවේ නොවැම්බර් මාසය වනවිට දෙවැනි වටයේ එන්නත් මගින් සම්පූර්ණ ප්‍රජා ප්‍රතිශක්තියක් ලබාගත හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවය.
එන්නත් කිරීමේ සැලසුම් මෙම මාසය අවසානයේදී ප්‍රකාශයට පත් කරන බව ජියොන්ග් පැවසීය. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව දකුණු කොරියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 72,729ක් සහ මරණ 1,264ක් වාර්තා වී තිබේ.