කොරෝනා අවදානමක් යළි මතුව ඇති නිසා දකුණු පළාතේ උත්සව වැනි කටයුතු සිමාකරගෙන මහජන සංචරණ කටයුතු වැඩිනොවන අයුරින් දෛනික කටයුතු පවත්වාගෙන යාමට තිරණය කොට ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා අද (05) පැවසිය.
සෞඛ්‍ය නිතිරීති පිළිබද අවධානය යොමුකොට එවා පිළිපදිමින් දෛනික කටයුතු කරගෙන යන ලෙස ඉල්ලා සිටින බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
“දැනට ඇතිවෙලා තියෙන තත්ත්වය සැලකිල්ලට ගතයුතුයි. සමාජයෙන් කොරෝනා රොගියකු මතුවෙලා තියෙනවා. පාසල් නිවාඩුව කලින් ලබාදිමට ගත් තිරණය ඉතා හොදයි. මේ නිසා සංචරණය අඩුවෙනවා. දකුණේ ලොකු ගැටළුවක් නැහැ.
එක් අතකින් අපිට මෙක ආශීර්වාදයක් කරගත යුතුයි. නැවත හිතා බලන්න අවස්ථාවක් තමයි අපිට මේ දිලා තියෙන්නේ. කොරෝනා වසංගතය පාලනය කිරිම සම්බන්ධව රටක් හැටියට අපි ලොකු ජයග්‍රණයක් කරලා තියෙනවා.
ඒ නිසා මෙය පාලනය කිරිම සදහා අපි යම් කැපකිරිමක් කළ යුතු වෙනවා. උත්සව කටයුතු සිමා කරගෙන මහජන සංචරණය වැඩිනොවන අයුරින් දෛනික කටයුතු කරගෙන යාමට තිරණය කරලා තියෙනවා. උපකාරක පංති පැවැත්විමේ දි සෞඛ්‍ය නිතිරිති පිළිබද තදින් අවධානය යොමුකොට ඒ කටයුතු කරගෙන යන ලෙස උපදෙස් ලබාදුන්නා”