මාලදිවයින දකුණු ආසියානු රටවලින් සංචාරය සඳහා පැමිණෙන සංචාරකයන් එරටට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා ඇති බව එරට බලධාරීන් නිවේදනය කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් එසේ සංචාරක තහනම පැනවූ රටවලට අයත් වෙයි.
මාලදිවයිනේ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රකාශයක් අනුව මෙම අත්හිටුවීමට පසුගිය දින 14 තුළ ඉහත සඳහන් රටවලට සංචාරක ඉතිහාසයක් ඇති අයවලුන්ද ඇතුළු වෙයි.
මෙම නියෝගය අද (13දා) ආරම්භ වන අතර වැඩිදුර දැනුම් දීමක් සිදුවන තුරු එය අඛණ්ඩව බලාත්මකව පවතී.
මාලදිවයිනේ ආගමන විගමන වාර්තාවට අනුව වලංගු සේවා බලපත්‍ර සහිත සෞඛ්‍ය සේවා වෘත්තිකයන් නිදහස් කර ඇත.
පසුගිය වසරේදී සංචාරකයින් සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කළ පළමු රටවලින් එකක් බවටද මාලදිවයන පත්විය.