දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ස්වෙලි මඛයිස් සහ ඔහුගේ බිරිඳ කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර තිබේ.
"වෛද්‍ය මැයි මඛයිස් වන මගේ බිරිඳ සහ මම කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව මහජනතාවට දැනුම් දීමට කැමතියි. මම මෘදු රෝග ලක්ෂණ පෙන්වීම පටන් ගත්විට අපි ඊයේ පරීක්ෂණයට යාමට තීරණය කළා" මඛයිස් සිය ට්විටර් ගිණුමේ පළ කළ නිවේදනයක දැක්වේ.
"මට අසාමාන්‍ය ලෙස වෙහෙස දැනුණා. දවස ගෙවීයත්ම මට ආහාර රුචිය නැති වීමට පටන් ගත්තා. මගේ බිරිඳට කැස්සක්, කරකැවිල්ල සහ අතිශයින් වෙහෙසකාරී බවක් දැනී තිබුණා. ඇගේ රෝග ලක්ෂණ සැලකිල්ලට ගෙන වෛද්‍යවරුන් උපදෙස් දුන්නේ ඇයව වෛද්‍ය නිරීක්ෂණය යටතේ තබන ලෙසයි." එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
මේ අතර, තමාගේ සමීප සම්බන්ධතා ස්වයං හුදකලා කර පරීක්ෂාවට ලක් කරන ලෙසද දැනුම් දී ඇති බව මඛයිස් පැවසීය.
"මහජන සෞඛ්‍ය පුරුදු හා නියමයන් දිගටම අනුගමනය කරන ලෙස සියලුම දකුණු අප්‍රිකානුවන්ගෙන් ඉල්ලා සිටීමට මෙය අවස්ථාවක් කර ගැනීමට කැමතියි. වෛරසයට එරෙහි සටනේදී රටක් ලෙස අප සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබුණත්, අප පසුබට නොවී කටයුතු කළ යුතුයි." අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.