දකුණු අප්‍රිකාවේ වෙළෙඳ අමාත්‍ය ඊබ්‍රාහිම් පටෙල් කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණයක් කළ බව කැබිනට් මණ්ඩලය පවසයි. අප්‍රිකානු කලාපයේ වෛරසයෙන් වඩාත්ම පීඩාවට පත් රට තුළ වෛරසය ආසාදනය වූ සිව්වැනි ඇමතිවරයා ඔහු ය.
කැබිනට් ප්‍රකාශක ෆුම්ලා විලියම්ස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 58 හැවිරිදි පටෙල් වෙත සෙනසුරාදා ඔහුගේ ප්‍රතිඵල ලැබුණු බවයි.
"ඇමති පටෙල් හොඳ මානසිකත්වයකින් පසුවන අතර ස්වයං නිරෝධායනයක යෙදී සිටිනවා. කෙසේ වෙතත් ඔහු නිවසේ සිට දිගටම වැඩ කරනු ඇති" විලියම්ස් පැවසීය.
මේ අතර ඇමතිවරයා සමග සම්බන්ධකම් පැවැත්වූ අයද ස්වයං හුදකලාවී සිටින අතර පරීක්ෂාවට ලක් කිරීමට ධෛර්යමත් කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
දකුණු අප්‍රිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 434,200ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 6,655කි.