දකුණු අප්‍රිකාවේ ජාතික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (01දා) නව කොවිඩ්-19 ආසාදිතයන් 10,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර එමගින් රට තුළ වාර්තා වී ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව 500,000ක් ඉක්මවා තිබේ.
ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව අද (02දා) අලුයම වනවිට එරටින් වෛරසය ආශ්රිත සමස්ත මරණ 8,153ක් සහ සමස්ත ආසාදිතයන් 503,290ක් තහවුරු වී ඇත.
එරට සෞඛ්‍ය අමාත්‍ය ස්වේලි මඛයිස් දෛනික කොරෝනා දත්ත යාවත්කාලීන කිරීම්වලදී පැවසුවේ, "දකුණු අප්‍රිකාවේ ආසාදිතයන් මිලියන භාගයක් ඉක්මවා ගොස් තිබෙනවා" යනුවෙනි.
දකුණු අප්‍රිකාව, අප්‍රිකානු මහාද්වීපය තුළ නව කොරෝනා වෛරසයෙන් වඩාත්ම පීඩාවට පත් රට වන අතර, පසුවනුවට ලෝකයේ වැඩිම ආසාදිතයන් වාර්තා වන රටය.