පන්නල, කොහෝඹපොල ප්රදේශයේ මා ඔයේ තිබී දෙඅත් වෙන් කළ පිරිමි පුද්ගල මළ සිරුරක් හමුවූ බව පොලීසිය පවසයි.
අද (23දා) මෙම මළ සිරුර හමුව තිබේ. මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න හඳුනාගෙන නොමැති බවත් පන්නල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය නිවේදනය කරයි.