කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී අද පස් නිවුන් දරු උපතක් සිදු වූ බව නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය පැවසුවාය.
එම සියලුම දරුවන් ගැහැණු දරුවන් බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
ගම්පහ පැපිලියාවල ප්‍රදේශයේ පදිංචි විසි නව හැවිරිදි මව කගේ ප්‍රථම දරු ප්‍රසුතිය මෙය බවත් එම දරුවන් හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමිය කිය.
උපත ලද දරුවන්ගේ අඩුම බර තිබෙන්නේ එක ළදරුවෙකුට පමණ බවත් ඇය කිලෝ එකක් පමණ බව වෛද්‍යවරිය සඳහන් කළාය
ද සොයිසා කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය පබොඩන රණවීර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම දරු ප්‍රසූතිය සිදුවී තිබූ බවත් මේ වන විට එම දරුවන් ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂක සාගරී කිරිවන්දෙණිය මහත්මියගේ උපදෙස් මත වෛද්‍ය නලින් ගමඇතිගේ මහතාගේ අධීක්ෂණ යටතේ ළදරු දැඩිසත්කාර ඒකකය තුළ රඳවා සිටින බවත් වෛද්‍යවරිය කීය