දකුණු කොරියාවේ ලබන මාසයේ සිට ආරම්භ වන කොවිඩ්-19 එන්නත් ලබා ගන්නා මුල්ම කණ්ඩායම ඉදිරි පෙළ වෘත්තිකයන් වනු ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේ වෙතත් එරට සාමාන්‍ය ජනතාව වෙත එන්නත් ලබාදීම සිදුවන විට වසර අවසානය වනු ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.
කොරියානු රෝග පාලන හා නිවාරණ ඒජන්සියේ නිලධාරීන් උපුටා දක්වන මෙම වාර්තාවට අනුව, සෝල් ප්‍රදේශයේ රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කරන පළමු කණ්ඩායම එසේ එන්නත් කරනු ලබන පළමු කණ්ඩායම බවට පත්වනු ඇත.