දකුණු කොරියාවේ දෛනික නව කොරොන වෛරස ආසාදිතයන් අද (10දා) ප්‍රථම වතාවට 2,000 ඉක්මවා ගොස් තිබේ.
එය පසුගිය වසරේ ජනවාරි මාසයේදී එරටින් සොයා ගත් පළමු වැනි කොවිඩ්-19 ආසාදනයෙන් පසුව වාර්තා වූ ඉහළම අගය බව නිල දත්ත උපුටා දක්වමින් දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි.