දකුණු කොරියාවේ සෝලි අගනුවර සමාජ ශාලා ආශ්රිත නව කොරෝනා වෛරස පොකුරේ ආසාදිතයන් 200කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව උප සෞඛ්‍ය අමාත්‍ය කිම් ගං-ලිප් පවසයි.
මැයි මස 9දා හඳුනාගනු ලැබූ මෙම පොකුරේ ආසාදිතයන් සංකේන්ද්‍රණය වී ඇත්තේ අගනුවර විනෝදාස්වාදී දිස්ත්‍රික්කය වන ඉටෙවොන් හිදීය.
ආසාදිත 29 හැවිරිදි අයෙකු ප්‍රදේශයේ විවිධ රාත්‍රී සමාජ ශාලා කිහිපයකට ගිය පසු මෙම ආසාදිත පොකුර ආරම්භ වූ බව විශ්වාස කෙරෙයි.
පොකුරු සම්බන්ධව මේ වනවිට පුද්ගලයන් 65,000කට වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති බව කොරියාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.
අඟහරුවාදා රට තුළ නව රෝගීන් 32 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 24ක් දේශීයව සම්ප්‍රේෂණය වී ඇති අතර, අලුතින් මරණ කිසිවක් සිදු නොවීය.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 11,110ක් හා මරණ 263ක් වෙයි.