දකුණු අප්‍රිකාවේ සංචාරකයන්ට දකුණු කොරියාවේදී අතිරේක වෛරස් පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවන බව එරටින් වාර්තා වෙයි.
ඒ අනුව දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන සංචාරකයන් සඳහා දින 14ක අනිවාර්ය නිරෝධායනයෙන් නිදහස් වීමට පෙර දකුණු කොරියාවේදී අමතර කොරෝනා වෛරස පරීක්ෂණ සිදුකරන බව රජය සෙනසුරාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
එරට රෝග පාලන හා නිවාරණ ඒජන්සිය පෙන්වා දෙන්නේ, දකුණු අප්‍රිකාවේ සංචාරකයෙකු නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂණයක් පෙන්වන්නේ නම්, එක්සත් රාජධානියේ ව්‍යාප්ත වන නව ප්රභේදයදැයි එය සැකහැර හඳුනා ගැනීම සඳහා රජය මෙම අතිරේක පරීක්ෂණ පවත්වන බවය.
එක්සත් රාජධානියේ හඳුනාගෙන ඇති නව වෛරස ප්‍රභේදයට සමාන ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවේදී සොයාගෙන ඇති අතර, විද්‍යාඥයන් පවසන්නේ එය වෙරළබඩ ප්‍රදේශවල වේගයෙන් ව්‍යාප්ත වන බවය.
නව ප්‍රභේදය පිළිබඳ කනස්සල්ල හේතුවෙන් දකුණු කොරියාව බදාදා සිට දෙසැම්බර් 31 දක්වා එක්සත් රාජධානියේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ. එක්සත් රාජධානියේ පිහිටි දකුණු කොරියානු කොන්සල් කාර්යාලවල නිරෝධායන නිදහස් කිරීම් නිකුත් කිරීමද අත්හිටුවා තිබේ.