දැනට පවතින කොවිඩ්-19 එන්නත්වල කාර්යක්ෂමතාව අඩු කළ හැකි ගැලවීමේ විකෘතියක් දකුණු අප්‍රිකාවෙන් සොයාගන්නා ලද කොවිඩ්-19 ප්‍රභේදයේ පවතින බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති.
මෙම නව විකෘතිය E484K ලෙස හැඳින්වෙන අතර, එය මීට මාස දෙකකට පෙර දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට හඳුනා ගැනුණු කොරෝනා වෛරස ප්‍රභේදයකින් සොයාගෙන ඇත. එම ප්‍රභේදය දැන් තවත් රටවල් 12ක් දක්වා ව්‍යාප්ත වී තිබේ.
දකුණු අප්‍රිකාවේ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ සහකාර මහාචාර්ය පෙනි මුවර් මෙම විකෘතිය හැඳින්වූයේ භයානක දෙයක් ලෙසිනි. "මේ විකෘතියට යම් බලපෑමක් ඇතිවනු ඇතැයි අප කණස්සල්ලට පත්ව සිටිනවා. එහි බලපෑමේ තරම අපි තවම දන්නේ නැහැ."
E484K, කොරෝනා එන්නත මගින් නිපදවන සමහර ප්‍රතිදේහවලින් ගැලවිය හැකි බව පෙන්වා ඇති හෙයින් එය ගැලවීමේ විකෘතිය ලෙසද මේ වනවිට හඳුන්වනු ලැබේ.