දකුණු අප්‍රිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 නව වෛරස ප්‍රභේදය එක්සත් රාජධානියේ අවධානයට ලක්වන නව ප්‍රභේදයට වඩා වෙනස් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් පවසයි.
"දකුණු අප්‍රිකාවෙන් තවත් කොවිඩ්-19 වෛරස ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. එය 501 Y ප්‍රභේදයම වුණත්, එය බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් එකට වඩා වෙනස් ප්‍රභේදයක්. මේවා එකවරම පැන නැගී ඇති බැවින් ඒවා සම්බන්ධ වී ඇති බවක් පෙනෙනවා. නමුත් එය ඇත්ත වශයෙන්ම වෙනම ප්‍රභේදයක් " ඇය ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවාය.
දකුණු අප්‍රිකානු පර්යේෂකයන්ගේ මූලික ප්‍රතිඵල ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් පරිණාමය ක්‍රියාකාරී කණ්ඩායම සමග බෙදාගෙන ඇති බව ඇය පැවසුවාය.
"ඔවුන් දැනට දකුණු අප්‍රිකාවේ වෛරසය පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින අතර, එක්සත් රාජධානිය ගැන මා සඳහන් කළ අධ්‍යයනවලට සමානව තවත් අධ්‍යයන සිදුකරනු ඇති. එබැවින් ඒවා එකම වෛරසයක් බව ව්‍යාකූල වුණත්, මේවා සත්‍ය ලෙසම වෙනස් ප්‍රභේද බව දැනට හඳුනාගත හැකියි" ඇය කිව්වා.
නව කොරෝනා වෛරසයේ ප්‍රභේද තවත් වෛරසයක් බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් නොමැති අතර, එයින් අදහස් කරන්නේ ඒවා වඩාත් දරුණු රෝග ඇති නොකරන බවය. ඒවා ප්‍රතිකාරවල බලපෑමට හෝ එන්නත් මගින් ලබාදෙන ආරක්ෂාවට බලපෑම් කරන බවක් මෙතෙක් අනාවරණය වී නැත.