තේ තොග අපනයනය සඳහා කිලෝග්රෑමයකට රුපියල් 10/-ක ස්ථාවර සෙස් බදු ගාස්තුවක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මේ වන විට තේ අපනයනකරුවන් විසින් තේ කිලෝග්රෑමයකට ගෙවනු ලබන සෙස් බදු ගාස්තුව රුපියල් 20/-ක් පමණ වේ.
කෙසේ වෙතත් සෙස් බදු ගාස්තුව මාසික පදනමකින් ගණනය කිරීම මත තොග මිල කලින් නිශ්චය කිරීමට අපහසු වීම, අපනයන මිල ගණන් ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම වැනි විවිධ අපහසුතාවන්ට මුහුණදීමට තේ අපනයනකරුවන්ට සිදුවීම හේතුවෙන් මෙසේ ස්ථාවර ගාස්තුවක් අය කිරීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳව කැබිනට් සංදේශය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිත් කර ඇත.
