තෙල් මිල වැඩි නොකිරිමෙන් මහා භාණ්ඩාගාරයට කෝටි 40ක පාඩුවක්
මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය 06 වැනිදා සිට ඉහළ දැමූ ඉන්ධන මිලට තෙල් සංස්ථාව ඉන්ධන අලෙවි නොකිරීම නිසා දින 05ක කාලයක් තුළ මහා භාණ්ඩාගාරයට රුපියල් හතළිස් කෝටි හැත්තෑ දෙලක්ෂ හැටදහස් තුන්සිය විස්සක මුදලක් අහිමි වී ඇත.
ඉන්ධන මිල ඉහළ දැමීම යටතේ 05 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න් පසු ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින්, සුපර් ඩීසල් මිල රුපියල් 10කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් සහ ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 08කින් ඉහළ දැමීමට කටයුතු කෙරිණි.
එහෙත් තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වලින් ඉහළ දැමූ මිලට ඉන්ධන අලෙවි කරනු ලැබුවේ 06 වැනිදා පැය 04කටත් අඩු කාලයක් පමණි.
එතැන් පටන් 10 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ සංස්ථාවට අයත් ඉන්ධන අලෙවිසැල් ඉන්ධන අලෙවි කළේ පෙර පැවැති මිල ගණන් යටතේය.
මේ නිසා එම කාලය තුළදී සංස්ථාවට අයත් ඉන්ධන අලෙවි සැල්වලට නිකුත් කර තිබෙන ඩීසල් ලීටර 25,043,700ක ප්‍රමාණයකින් රජයට රුපියල් 225,393,300ක මුදලක් අහිමි වී තිබේ.
සුපිරි ඩීසල් ලීටර 1,425,060ක ප්‍රමාණයක් මෙම කාලය තුළ නිකුත් වී තිබෙන අතර, මේ නිසා රුපියල් 14,250,600ක මුදලක් සංස්ථාවට අහිමි වී ඇත.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටර 2,712,060 ක් නිකුත් වී තිබෙන අතර එමගින් රුපියල් 18,984,420කුත්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර 18,579,000ක ප්‍රමාණයක් නිකුත් වී තිබෙන අතර,එමගින් රුපියල් 148,632,000 මුදලක් අහිමි වී තිබේ.
විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ හා සංස්ථා සභාපතිවරයාගේ හිතුවක්කාරී තීරණ නිසා මහාභාණ්ඩාගාරයට මෙම මුදල අහිමි වී තිබෙන බවත්, එහෙත් ඉන්දියන් ඔයිල් සමාගම හාසංස්ථාව විසින් ඉන්ධන ලබාදෙන පෞද්ගලික බෙදුම්කරුවන් අදාළ මිලට ඉන්ධන අලෙවි කළ බවත් මුදල් අමාත්‍යාංශ බලධාරියෙක් සඳහන් කළේය.
පෙරේදා (10දා) කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පසු පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු ගත් තීරණයකට අනුව තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්ද 06 වැනිදා ඉහළ දැමූ මුදලට තෙල් අලෙවි කිරීම ආරම්භ කළේය.

popular news
-
Champa Thursday, 12 July 2018 08:32 AM
පාඩු වෙන්නේ කොහොමද? 2015 ඉඳන් මේ දක්වා ලෝක තෙල් මිල අඩු කෙරුවට ලංකාවේ තෙල් මිල අඩු කලේ නැහැ. ඒ සල්ලි කොහෙටද ගියේ? බදු ගහනව හිටු කියලා. තෙල් මිල වැඩි කරනවා. දඩ වැඩි කරනවා. මේ සල්ලි වලට මොකොද වුනේ? නිකම් මකර කට්ට යනවා වගේනේ. හරි නම් ආණ්ඩුවේ ආදායම 2014 ට වඩා 5ස් ගුණයක් විතර වැඩි වෙන්න එපෑය වැඩි කරපු බදුයි දඩයි වල හැටියට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

