තෙල් පිරිපහදුවට තවමත් ගිවිසුමක් නෑ -BOI
හම්බන්තොට, මිරිජ්ජවිල ඉදිකිරිමට යෝජිත බවට ආණ්ඩුව විසින් සඳහන් කළ තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් ඕමානයේ ඛනිජ තෙල් හා ස්වාභාවික වායු අමාත්‍යාංශය සමග හෝ සිල්වර් පාක් ජාත්‍යන්තර සමාගම සමග ගිවිසුමක් තවමත් නොමැති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
ඕමාන සමාගමක් හා සිංගප්පූරු සමාගමක් එක්ව හම්බන්තොටදී තෙල් පිරිපහදුවක් ඉදිකිරිමට යෝජිත බවත් එය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.815ක අයෝජනයක් බවත් ජාත්‍යන්තර වෙළඳ හා උපායමාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් තම අමාත්‍යාංශය ඒ පිළිබඳව දැනුවත් නොමැති බවත් අදාළ චෙක් පත් සඳහා අත්සන් කරන්නේ කවුරුන්දැයි යන්න නොදැනුවත් බවත් ඕමාන ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ පිළිබඳව පැහැදිලි කරන ආයෝජන මණ්ඩලය පෙන්වා දෙන්නේ ඕමාන තෙල් සමාගම මේ සම්බන්ධයෙන් සිය උනන්දුව දක්වා ඇති බවත් ඒ සඳහා 30%ක දායකත්වයක් ලබාදීමට ඔවුන්ගේ අවධානය යොමුව ඇති බවත් අයෝජන මණ්ඩලය සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
එසේම මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ඕමාන ජාත්‍යන්තර වෙළඳ සමාගම දන්වා ඇති බවත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට හැකි වෙතැයි සිංගප්පූරුවේ සිල්වර් පාක් ජාත්‍යන්තර සමාගම පූර්ණ විශ්වාසයක් ඇති බවට ආයෝජන මණ්ඩලයට ප්‍රකාශ කර ඇති බවත් එම ට්විටර් පණිවිඩියේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

