තෙබුවන සැරයන්ට ඇප
තෙබුවනදී පොලීසියේ ඉහළ නිලධාරීන්ට විරෝධය දක්වමින් කලහකාරී ලෙස හැසිරීම හේතවෙන් අත්ඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ පොලිස් සැරයන් එස්.ඩී. සනත් ගුණවර්ධන මහතා ඇප මත නිදහස් කිරීමට මතුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා අද (09දා) නියෝග කළේය .
සාපරාධී බියගැන්වීම, නියෝග වලට අවනත නොවීම, මිනීමැරීමට තැත්කිරීම සම්බන්ධයෙන් සැකපිට සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඔහු රුපියල් පනස්දහසක ශරීර ඇපමත මුදා හැරීමට කටයුතු කෙරිණි.
තමා විසින් බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට ගෙන තෙබුවන පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ නමුත් උසස් නිලධාරීන් විසින් නියමිත පරිදි අධිකරණය හමුවට ඉදිරිපත් නොකොට මුදාහරින ලදැයි කියන සිද්ධියකට සිය විරෝධය පලකරමින් ,අවි ගබඩාවෙන් ලබාගත් ගිනිඅවියද රැගෙන ඔහු පසුගියදා තෙබුවනදී විරෝධතාවක නිරතවිය. නඩුව නැවතත් දෙසැම්බර් මස 12 දා තෙක් කල් තැබිණි.
ප්‍රේමතිලක පෙරමුණ/මතුගම වික්‍රම පී කුමාරප්පෙරුම

popular news
-
Champa Tuesday, 09 October 2018 06:02 PM
ඇප දුන්න. සේවය නතර කරලද? පඩිත් නැවත්තුවද? මේ පොලිස් සාජන්ගේ දරු පවුල ජීවත් වෙන්නේ කොහොමද? පොලිසියටම තුවක්කුව අතට ගන්න ඉතින් සෑහෙන පීඩනයකට ලක් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. තුවක්කුව අතේ තියාගෙන මට මතකයි මේ සාජන් කිව්වා එයාගේ පඩියත් කලින් දවස් 15ක් අඩු කරල හෝ නවත්තල තිබ්බ කියල. අර ඇප දීපු විජයකලාටත් පාර්ලිමේන්තුව තහනම්ද? පඩි ලැබෙනවද? මේ පොලිස් සාජන්ට ජීවත් වෙන්න වැටුප දෙන්න ඕනේ නතර නොකර.
Reply : 0 0
rocky Tuesday, 09 October 2018 06:25 PM
අපි ඔබ සමගයි. පොලිසියේ ලොක්කාට වෙන්නේ මොනවාදැයි විමසිල්ලෙන් බලා සිටිමු!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

