තුම්මුල්ල රිය අනතුරින් මියගිය පොලිස් නිලධාරියාට උසස් විමක්
කොළඹ තුන්මුල්ල ප්‍රදේශයේදී පසුගිය 11 වැනිදා රාත්‍රී සිදුවු රිය අනතුරෙන් මියගිය පොලිස් කොස්තාපල් සිතුම් යොමාල්, පොලිස් සැරයන් ධුරය දක්වා උසස් කර තිබේ.
පසුගිය දිනකදි කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා ගෙවීම සඳහා මුදල් අයකැමි භාරයේ තිබූ රුපියල් ලක්ෂ 79කට ආසන්න මුදලක් කොල්ලකා පළායමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත ආධුනික නිලධාරීන් වන මෙම මියගිය පොලිස් කොස්තාපල්වරයා සහ තවත් කොස්තාපල්වරයෙකු කටයුතු කර තිබුණි.
එම හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් අංක 2016/6 දරණ 2017.04.24 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය සමඟ කියවිය යුතු ශ්‍රී ලංකා නියෝග ඒ 5 හි iv වන කොටසෙහි විශේෂ උසස් කිරීම අනුව, සිතුම් යොමාල් නිලධාරියා පොලිස් කොස්තාපල් තනතුරේ ස්ථිර කර 2020.06.14 දින සිට පොලිස් සැරයන් තනතුරට උසස් කර ඇත යනුවෙන් පොලිස් මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

popular news
-
චමින්ද Monday, 15 June 2020 07:12 PM
රජයේ සේවකයින්ට සේවාකාලය තුල එනම් රාජකාරී කරන අවස්ථාවේ රාජකාරියට යමින් සිටියදී හෝ ආපසු නිවසට යන අතරතුර හෝ සිදුවන හදිසි අණතුරකදී හෝ මරණයකදී කරන ගෙවීම් මෙම අය වෙනුවෙනුත් කිරීමද කලයුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

