තුන්වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හිඟුරක්ගොඩට
ශ්‍රී ලංකාවේ තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපෙළ හිඟුරක්ගොඩ ඉදිකිරීමට නියමිතය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට සමගාමීව මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීමට නියමිතය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම ඊයේ (11දා) අරලියගහ මන්දිරයේදී එළැදැක්විණ. වසර 2050දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර කවුළුව වශයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට නියමිතය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා සංවර්ධන සැලැස්ම හරහා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බවයි.
“ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා සංවර්ධන සැලැස්ම සුබානා ජුරොං ආයතනයට බාරදීම හරහා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ වැඩසටහන අදින් ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය ලෙස පැවැති අතීත අවධියේ ශ්‍රී ලංකාවේ බටහිර හා නැගෙනහිර වරායන් ගණනාවක් පැවතුණා. වර්තමානයේත් ඉන්දියන් සාගරයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරන විට කොළඹ වරායට මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත හම්බන්තොට වරායටත් විශේෂ ස්ථානයක් හිමි වෙනවා.
ඒ වගේම ඉන්දියාව, පාකිස්තානය, ඉරානය ආදී රටවලටද වැදගත්කමක් හිමි වෙනවා. සුවිස් ඇළ හරහා සිංගප්පූරුව දක්වා ගමන් කරන නෞකා සඳහා අවශ්‍ය සේවා සපයමින් ඉන් ආර්ථිකමය වාසි ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. වසර 2050 පමණ වනවිට බෙංගාල බොක්ක ආශ්රිත ජනගහනය බිලියන 03කට සමාන වෙනවා. එවිට එහි විශාල දියුණුවක් ඇති වෙනවා. ඒ වනවිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර දොරටුව ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කළ යුතුයි.
2015දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්රමුඛ මේ ආණ්ඩුව බලයට පැමිණියේ මුළු රටම දියුණු කිරීමටයි. එහිදී අප මූලිකවම අවධානය යොමු කළේ බස්නාහිර සංවර්ධනයටයි. රටේ දියුණුව රඳාපවතින්නේ බස්නාහිර සංවර්ධනය මතයි. එමෙන්ම රටේ මුහුදුබඩ තීරුව සංවර්ධනය කිරීමටත්, කොළඹ සිට මහනුවර දක්වා අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කර ඒ හරහා එම ප්‍ර‘දේශය දියුණු කිරීමටත් අපි වැඩ කටයුතු ආරම්භ කළා. මෙම සංවර්ධන වැඩකටයුතු සිදු කරන අතරතුර අප රටේ අනෙකුත් ප්‍ර‘දේශ අමතක කළේ නැහැ.
අප ලබාදුන් වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ බටහිර නැගෙනහිර ආර්ථික තීරු පදනම් කර ගනිමින් ත්‍රිකුණාමලය දක්වා සංවර්ධන වැඩකටයුතු සිදු කිරීමටත්, නුවර සිට ත්‍රිකුණාමලය දක්වා මහා මාර්ගය ඉදිකිරීමටත් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලබාගත්තා. එමෙන්ම සුබානා ජුරොං සැලැස්ම හරහා ත්‍රිකුණාමලයේ දියුණුව ඇති කිරීමත් අපගේ සැලසුම වී තිබෙනවා. ඉදිරි වසර 10-15ක කාලය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සැලසුම් මෙම ත්‍රිකුණාමලය සංවර්ධන සැලැස්මට ඇතුළත් වී තිබෙනවා. ඉන්පසුව අපට සංවර්ධනය කිරීමට ඉතිරි වන්නේ යාපනය දිස්ත්‍රික්කය පමණයි.”

popular news
-
Champa Thursday, 12 July 2018 08:19 AM
හූඌඌඌඌඌ ... මහින්ද හදපු මත්තල ගුවන් තොටුපොල ඉන්දියාවට විකුණලා මෙන්න වෙන ගුවන් තොටුපොළක් මෝඩ ආණ්ඩුව හදනවලු ආයේ අලුතින් ණයක් අරගෙන. අනේ ඇත්තටම අපිටද පිස්සු නැත්නම් මෝඩ ආණ්ඩුවටද? දැන් විමල් කියයි මෙතන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනව. නැත්නම් චීනේ හදපු ගුවන් තොටුපොල කොහොමද ඉන්දියාව ගත්තේ. දෙනවා නම් දෙන්න තිබ්බේ චීනේටමනේ කියලා. ඊට පස්සේ මහින්ද ආපහු ඇවිල්ල කියයි, "මේවා මොන airportද හාමුදුරුවනේ, මම හදපු එක වගේද. මේක හොඳයි වී ගබඩා කරන්න" කියලා.
Reply : 0 12
Raawana Thursday, 12 July 2018 10:03 AM
නිෂ්ඵල වැඩක්.ඊට වඩා නරකද, දැනට තිබෙන චීන වරාය ගුවන් තොටුපොල සංවර්ධනය කලොත්?...ආ ....මේකනේ, රටේ නායකයාගේ ප්‍රදේශය වෙන්න එපාය...එදා හම්බන්තොට .. මෙදා හිඟුරක්ගොඩ...බලය අහිමි උනාම , මේක මොකාට විකුනයිද දන්නේ නැහැ.
Reply : 0 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

