ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 16 දෙනෙකුට මරු කැදවමින් 17කට තුවාල සිදුව අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීගිය විනෝද චාරිකා බස් රථය අනතුරට ලක්වීමට තත්පර කීපයකට පෙර ගැටුන රුපියල් ලක්ශ 800ක් පමන වටිනා (කෝටි 8) සුඛෝපභෝගී ජීප් රථයේ ආරක්ශිත කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නොමැති බවට අදාළ ජීප් රථය විකුනූ සමාගම මගින් ලබා දුන් වාර්තාවකින් අනාවරණය විනැයි ඇල්ල පොලිසිය අද (18) පැවසීය .
මෙම සුඛෝපභෝගී ජීප් රථය බොරලැස්ගමුව ප්‍රදේශයේ වාහන අලෙවි සැලකින් 2023 වසරේදී මිළදී ගෙන ඇති බවත් , එම සුඛෝපභෝගී ජීප් රථයේ ආරක්ශිත සජිවී කැමරා හතරක් ඇති අතර එම කැමරා රථය පදවන රියැදුරුගේ පහසුව තකා ක්‍රියාත්මක වන බවද එහි සදහන් වී ඇතයි පොලිසිය කීය .
නමුත් මෙම සුඛෝපභෝගී ජීප් රථ වල ආරක්ශිත කැමරා වල පටිගත කිරීමේ පහසුකම් ලබා ගැනීමට නම් අදාළ වාහන හිමිකරු සමාගමේන් ඉල්ලා සිටිය යුතු බවත් , එසේ ඉල්ලීමක් කල හොත් පමණක් එම සුඛෝපභෝගී ජීප් රථයේ කැමරා වලට පටිගත කිරීමේ මෘදුකාංග සවිකරන බවත් අදාළ සමාගම දැනුම් දී තිබෙන බවත් පොලිසිය සදහන් කලේය .
විශේෂයෙන් මෙවැනි සුඛෝපභෝගී ජීප් රථ මිළදී ගන්නා බොහෝ වාහන හිමිකරුවන් රථයේ කැමරා වල පටිගත කිරීමේ මෘදුකාංග සවිකිරීමට ඉල්ලීම් නොකරන බවට අදාළ සමාගම මගින් දැනුවත් කර තිබෙන බවද පොලිසිය පවසයි .
තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් සිය පවුලේ උදවිය සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඉකුත් 4 වනදින රාත්‍රි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී එම විනෝද චාරිකා බස් රථය ඉදිරියෙන් පැමිනි මෙම සුඛෝපභෝගී ජීප් රථයේ ගැටී පසුව මාර්ගය දෙපස ඉදිකර තිබෙන ආරක්ශිත යකඩ වැටේ ගැටී පසුව රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරලීයාමෙන් මෙම අනතුර සිදු විය.
එම අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා , බස් රථ රියැදුරු නගර සභාවේ කාර්ය මංඩලයේ සේවක පිරිස් ඇතුලුව 16 දෙනෙකු මරුමුවට පත් වූහ.
ඇල්ල පොලිසිය බණ්ඩාරවෙල අධිකරනයෙන් ලබා ගත් අධිකරන නියෝගයක් මත අදාළ මෝටර් රථ වාහන අලෙවි සමාගම මගින් මෙම වාර්තාව නිකුත් කර ඇත .
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර් පී අමරසිංහ සහකාර පොලිස් අධිකාරි 111 රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී කේ යූ ඩබ්ලිව් අබේගුණවර්ධන පොලිස් පරීක්ෂක එච් පී පාලිත උපපොලිස් පරීක්ෂක රාජපක්ෂ ,පොලිස් සැරයන් 75637 රත්නායක යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති .
