ලෝක විවාහක රූ රැජින කටුනායකට එයි
"මිස් ග්රෑන්ඩ් ශ්රී ලංකා - 2025 ( Miss Grand Sri Lanka - 2025) රූ රැජින තරගාවලියේ ප්රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීම සදහා 2022 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස ජයග්රහණය හිමි කර ගත් ඉන්දියාවේ සර්ගම් කවුෂාල් මහත්මිය ( Mrs :Sargam Koushal ) 09/17 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
මෙම තරගාවලියේ අවසාන මහා තරගය 09/24 දින ගල්කිස්ස මහ හෝටයේ දී පැවැත්වීමට නියමිතය.
මෙහිදී ජයග්රහණය හිමි කර ගන්නා ශ්රී ලාංකික රූ රැජින , ලෝකයේ රටවල් 110 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් තායිලන්තයේ පැවැත්වෙන " මිස් ග්රෑන්ඩ් ඉන්ටර්නැෂනල් - 2025 ( Miss Grand International - 2025 ) තරගාවලිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතය.
ලෝක විවාහක රූ රැජින සර්ගම් කවුෂාල් මහත්මිය 09/17 දින අලුයම 12.48 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඇය පිළිගැනීම සදහා " මිස් ග්රෑන්ඩ් ශ්රී ලංකා " තරගාවලියේ ජාතික සංවිධායක සහ පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

