තිස්සට එරෙහි පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට එකඟ වෙයි
මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව සමථයකට පත් කරගැනීමට අදාළව ඔහුට එරෙහිව ඉදිරිපත්පි කළ පෙත්සම් ඉවත් කර ගැනිමට පෙත්සම්කරුවන් තිරණය කළේය.
මෙම නඩුව සඳහා සාක්කි දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා 6ක් අධිකරණයට නොපැමිණි අතර මෙම නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා දෙපාර්ශවය සාකච්ජා කොට ඇති බව කියමින් තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද පසුගිය 12 දා සඳහන් කළේය.

popular news
-
batangala Monday, 25 March 2019 11:55 AM
ජනතාවට විහිලු සැපයීම දැන්වත් නතර කල යුතුයි. මේ ජඩ දේසපාලනය විසින් රටට කර ඇති විනාශය ගැන පොදුවේ දැනුවත් වෙමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

