ඉහළ දමා තිබෙන තිරිඟු පිටි මිල අද මධ්‍යම රාත්‍රියට පෙර සාමාන්‍ය තත්ත්වයට පත් නොකළහොත් මධ්‍යම රාත්‍රී 12.00 සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ඉහළ දමන බව ශ්‍රී ලංකා එක්සත් බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව පාන් ගෙඩියක මිල රුපියල් පහකින් හා කෙටි ආහාර බේකරි හිමියන්ගේ කැමැත්ත පරිදි මිල ඉහළ යන බවද එම සංගමයේ උප සභාපති රියෙන්සි විතානගේ මහතා සඳහන් කළේය.
තිරිඟු පිටි අලෙවි කරන සමාගමක් විසින් පිටි කිලෝවක මිල රුපියල් 8යි ශත 20කින් ඉහළ දැමීම නිසා බේකරි නිෂ්පාදන ඉහළ දමන බවත්, මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන බවට පාරිභෝගික කටයුතු අධිකාරිය පොරොන්දු වුවත්, තිරිඟු පිටි මිල සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට එම අධිකාරිය කටයුතු කර නොමැති බවත් කියා සිටියේය.
