ඇසුරු නොකළ තිරිගු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 87ක් බවත්, ඇසුරුම් කළ තිරිඟු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් අනූ දෙකක් (92) බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
මෙම මිලට වැඩියෙන් තිරිගු පිටි අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද එම අධිකාරිය පෙන්වා දෙයි.
වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරන පුද්ගලයින් පිළිබඳව 1997 දුරකථන අංකය මගින් හා එසේ නොමැති නම් බස්නාහිර පළාත් ජනතාවට 0771088914 හා වයඹ පළාත් තුළට 0771088904 සහ සබරගමුව පළාත තුලනම් 0771088910, දකුණු පළාත තුළදී නම් 0771088903 හෝ ඌව පළාත තුළදී නම් 0771088895 හෝ නැගෙනහිර පළාත තුළදී නම් 077010096 මගින් හෝ උතුරු පළාත තුළදී 0771088910 හා මධ්‍යම පළාත තුළදී 0771088896 හෝ උතුරුමැද පළාත තුලදී 0771088997 දුරකථන අංක මගින් දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටියි.
