තැපැල් සේවාවේ ගැටලු විසඳීමට කටයුතු කර තිබෙන බැවින් අකුරට වැඩ කිරීමේ කටයුතු සහ අඛණ්ඩ සත්යග්රහ අද (01දා) සිට නවතා දැමූ බව තැපැල් වෘත්තීය සමිති සඳහන් කරයි.
බලධාරීන් සහ වැටුප් කොමිසම සමග ඊයේ (30දා) පැවැත්වූ සාකච්ඡාවලදී මෙම තීරණය ලැබුණු බැවින් සියලු වෘත්තීය ක්‍රියාමාර්ග නවතා දැමූ බවත්, මේ අනුව හෙට (02දා) සිට තැපැල් සේවාව සාමාන්‍ය තත්ත්වයට පත්වන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
තැපැල් සේවාවේ ගැටලු විසඳන ලෙස ඉල්ලා පසුගිය 11 වැනිදා සිට 26 වැනිදා දක්වා අඛණ්ඩ වැඩවර්ජනයක් සහ සත්‍යග්‍රහයක් ක්‍රියාත්මක විය. ඉන් පසුව ගැටලු විසඳන බවට බලධාරීන් පොරොන්දු වීම හේතුවෙන් 26 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හා සත්‍යග්‍රහයක් ක්‍රියාත්මක විය.
26 වැනිදා සිට දින තුනක කාලයක් තුළදී තැපැල් කාර්යාලවලට හා පිටත ලියුම් පෙට්ටිවලට ලිපි හැත්තපන්දසකට අධික ප්‍රමාණයක් ලැබී තිබෙන බවද චින්තක බණ්ඩාර මහතා කියා සිටියේය.
