කොරෝනා ව්‍යාප්තියත් සමඟ රජයේ රෝහල් වෙතින් සායනිකව ප්‍රතිකාර ගන්නා රෝගින්ගේ ඖෂධ නිවසටම තැපැල් දෙපාර්තමේන්තුව හරහා ලබා දිමේ ක්‍රමවේදයක් ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කෙරිණි.
රට සාමාන්‍ය තත්ත්වයට පත් විමත් සමඟ තැපැල් දෙපාර්තමේන්තුව හරහා සිදු කර එම ඖෂධ බෙදාහැරිමේ වැසටහන හෙට (15) සිට නවතන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සෞඛ්‍ය අංශයේද ඒකඟතාව මත මෙම තිරණය ගත් බවත් තැපැල්පතිතුමා වැඩිදුරටත් නිවේදනයේ සඳහන් කරයි.
මෙම ඖෂධ බෙදාහැරිමේ කාර්යය ඉදිරියටත් සිදු කරන ලෙස සෞඛ්‍ය අංශ හා පාරිභෝගික ජනතාව වෙතින් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බැවින් මෙම කාර්යය ඉටු කිරිමට විධිමත් ක්‍රමවේදයක් සකස් කර ඉදිරියේදි ක්‍රියාත්මක කිරිමට සුදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
