තායිලන්තයේ අග්‍රාමාත්‍ය ජනරාල් ප්රායුට් චාන්-ඕ-චා මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (12දා) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
බැංකොක්හි සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණෙන තායි අග්‍රාමත්‍යවරයා, අද පස්වරු 5ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පිළිගැනීමෙන් අනතුරුව කොළඹ බලා පෙරහැරකින් කැඳවාගෙන යෑමට සැලසුම් කර තිබේ.
තායි අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පැවැත්වෙන නිල පිළිගැනිමේ උත්සවය කොටුව ජනාධිපති කාර්යාලයේ දි අද පස්වරු 6ට සංවිධානය කොට ඇති අතර එහිදී හමුදා ආචාර පෙළපාළියක් සහ ආචාර වෙඩි මුර 19ක් පැවැත්වීමට නියමිතය.
අනතුරුව ජනරාල් ප්රායුට් චාන්-ඕ-චා මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශවික සකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේ දි පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව තායිලන්තය සහ ශ්‍රි ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන්
තැබේ.
හෙට (13දා) පෙරවරුවේ තායි අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ද සාකච්ඡා කරනු ඇත.
අනතුරුව මහනුවර බලා යන තායි අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ජේරාදෙණිය උද්භිද උද්‍යානය,ගන්නෝරුව කාෂිකර්ම ආයතනය නැරඹීමට ද යන අතර ඉන් පසු මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ශ්‍රි දළඳා මාළිගාවට ගොස් දන්ත ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමටද නියමිතය.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය ඇසුරිනි