ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ අයට මරණ දඬුවම ලබාදිය යුතුයි
ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සියලු දෙනාට මරණ දඬුවම ලබාදිය යුතු බවත් ඒ සඳහා ලංකාවේ පවතින නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
කොලෝනානේ පැවැති විවෘත කිරිම් කිහිපයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ මම ශ්‍රී ලාංකිකයෙක්, ශ්‍රී ලාංකික මන්ත්‍රීවරයෙක් ලෙස මේ ත්‍රස්තවාදී ප්‍රහාරය ඉතාම නින්දිතයි, නිර්ලජ්ජිතයි කියනවා. මෙම සිදුවිමට ආධාර උපකාර දුන් සියළු දෙනාම තරාතිරම නොබලා ඇතැම් විට දේශපාඥයින් වෙන්න පුළුවන් වෙනත් අයත් වෙන්නත් පුළුවන් ඒ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා.
ඒ වගේම දේශීය හෝ විදේශීය වශයෙන් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධවෙලා කටයුතු කරපු පිරිසට අධිකරණය මගින් වරද තහවුරු වූ පසු ලංකවේ නීතියෙන් දඬුවම් දෙන්න ගැටලුවක් තිබෙනවානම් වහාම මේ නීතිය සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවට යොමුකරන්න.
ඒ ඔක්කොටම මරණ දඬුවම ලබාදිය හැකි ආකාරයේ නීති ගෙන ආ යුතුයි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දෙන්න ඕනේ කියනවානම් රාජ්‍ය ආරක්ෂාව ඊට වඩා ඉහළින් තියෙන නිසා එයට තර්ජනයක් වන ත්රස්තවාදීන්ට මරණ දඬුවම දෙන්න පනතක් ගෙන ආවා කියලා කිසිඳු ගැටලුවක් නෑ. නමුත් කවුරුහරි මේ දේට විරුද්ධ වෙනවානම් ඒ අයගේ ස්වාභාවය අපිට ඒ වෙද්දී බලාගන්න පුළුවන්.
ඒ වගේම දැන් ඉතාම හොඳින් ත්‍රිවිධ හමුදාවයි, පොලිසියය මේ ත්‍රස්තක්‍රියා වල අග මුල සොයාගෙන් අල්ලගෙන යනවා. අපි දැන් කළ යුත්තේ ත්‍රිවිධ හමුදාවටයි පොලීසියටයි ඒ රාජකාරිය කරන්න අවශ්‍ය උත්තේජනය හා නිදහස ලබාදීමයි.”

popular news
-
Champa Sunday, 05 May 2019 08:00 PM
වේලාසන තොරතුරු ලැබිලත් මුස්ලිම් ත්රස්තවාදීන් අත් අඩංගුවට ගන්නේ නැතුව මහා මිනිස් ඝාතනයක් කරන්න ඉඩ ඇරලා රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන තමයි ත්රස්තවාදීන්ට ආධාර අනුබල දීපු ලිස්ට් එකේ මුලම ඉන්නේ. ඔබ කියන මරණ දඬුවම දෙන්න ලංකාවට දැන් ඕනේ දෙමුහුන් එල්ලුම් ගහක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

