ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ වාර්තාව සියලු පාර්ශ්වයන්ට
ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ වාර්තාව ලැබීමත් සමඟ එම තොරතුරු සියලු පාර්ශ්වයන්ට විවෘත කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඉහළ ම අධිකරණ බලයක් ඇති ව මෙම පරීක්ෂණ මණ්ඩලය පත් කර තිබෙන බවත් එහි වාර්තාව භාරදීමට නියමිතව ඇත්තේ සති දෙකක කාලයකින් බවත් ඔහු පැවැසීය.
එම වාර්තාව ලැබීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ අනුව ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙළ කි‍්‍රයාවට නංවන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ නව ආරක්ෂක ලේකම් ලෙස පත් කෙරුණු ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා අද (30දා) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව ඔහු ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ පැවති හමුවේ දී ය.
ත්රස්තවාදයට එරෙහිව දියත් කර ඇති මෙහෙයුම් සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරුණු අතර ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙම ම්ලේච්ඡ ත්‍රස්තවාදය මුලිනුපුටා දමා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම කඩිනමින් සිදුවිය යුතු බවයි.
මෙම ත්‍රස්ත ප්‍රහාරයට මුහුණදීමෙන් අනතුරුව ලොව කිසිදු රටක සිදු නොවූ අන්දමින් ත්රස්තවාදයට එරෙහිව පියවර ගනිමින්, තොරතුරු අනාවරණය කර ගැනීමට සහ අත්අංඩගුවට ගැනීම් සිදු කිරීමට මෙරට බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ සමත් වූ බව ජනපතිවරයා සඳහන් කර තිබේ.
පාසල්වල් ආරක්ෂාවට ඉදිරියේ දී කි‍්‍රයාත්මක කිරීමට නියමිත ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව මෙන්ම රජයේ කාර්යාලවල කටයුතු යථා පරිදි පවත්වාගෙන යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ජනාධිපති අවධාරණය කළේ රටේ කිසිදු කාර්යයක් අකර්මණ්‍ය වීමට ඉඩ නොතබා සියලු කටයුතු යථා පරිදි පවත්වාගෙන යාමට පියවර ගත යුතු බවයි.

popular news
-
Champa Tuesday, 30 April 2019 06:05 PM
ත්රස්තවාදයට එරෙහිව මෙහෙයුම් දියත් කරන්න තිබ්බේ මුලින්ම දැන ගත්ත වෙලාවේ. බුද්ධි අංශ ප්‍රධානියා වහාම ඉවත් කරන්න ඕනේ. ඉතාම අකාර්යක්ෂම මිනිහෙක් කවුරු වුනත්. දැන් මේ තරම් ආයුධ අල්ලනවා පල්ලි වල, ඔය බුද්ධි අංශ ප්‍රධානියා කොහෙද හිටියේ? අනිත් එක මුලින්ම දැන ගෙන තියෙන්නෙත් ඉන්දියවෙන්ලු. මොකොට කියනවද? ලංකාව මෙහෙම තව්හීඩ් ජමාත් ත්‍රස්තවාදී අනතුරක් තියෙනවා කියල හරියට assessment එකක් දෙන්න බැරි වෙච්ච බුද්ධි අංශ ප්‍රධානියා එක්කෝ අස් වෙන්න ඕනේ. නැත්නම් අස් කරන්න ඕනේ. අන්තිම අසාර්ථක පුද්ගලයෙක් බව දැන දැනම මෙතන තියා ගන්නේ මොකොටද? ඔතනට දාන්න ඕනේ කපිල හෙන්දාවිතාරණ වර්ගයේ දක්ෂ කෙනෙක්. හෙන්දවිතාරණ විශ්‍රාම ගියාට එයත් එක්ක වැඩ කරපු එයාගේ ගෝලයෝ ඇතිනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

