මෙතෙක් කල් පාසල් සඳහා ලබා දුන් නිල ඇඳුම් වව්චර්පත අහෝසි වී ලබන වසරේ සිට පාසල් නිල ඇඳුම් සඳහා දේශීයව නිෂ්පාදනය කළ රෙදි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව පාසල් නිල ඇඳුම් රෙදි සැපයීමට අදාළව අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන, අවශ්‍ය මුළු නිල ඇඳුම් රෙදි ප්‍රමාණයම දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් අද (29) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ, දේශීයව නිෂ්පාදනය කළ රෙදි කාණ්ඩ 06ක් යටතේ දරුවන්ට ලබා දෙන බවයි. එමගින් රෙදි පිළි විශාල වශයෙන් ඉතිරි කර ගත හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම වැඩපිළිවෙළ ඔස්සේ ස්වයං රැකියාවක් ලෙස රෙදි මසන්නන්ටද අදායමක් උපයා ගත හැකි බව සඳහන් කළේය