නාවික හමුදාව විසින් ඊයේ (3) දින ත්රිකුණාමලය, බැක්බේ මුහුදු ප්රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීතිවිරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ මෙම පුද්ගලයින් නාවික හමුදා භාරයට ගෙන ඇත.
එම පුද්ගලයින් වයස අවුරුදු 22ත් 56ත් අතර පසුවන ත්රිකුණාමලය, නිලාවේලි ප්රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදි ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රාවක්, පිටත දහන යන්ත්රයක්, නීති විරෝධි ලෙස අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 30ක් සහ මිටර් 225 දිගැති තහනම් දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
එම පුද්ගලයන්, ඩිංගි යාත්රාව, පිටත දහන යන්ත්රය, තහනම් ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හරහා ත්රිකුණාමලය, සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.