නාවික හමුදාව විසින් ඊයේ (22) වන දින ත්රිකුණාමලය, කෝකිලායි ප්රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
නැගෙනහිර නාවික විධානය විසින් ත්රිකුණාමලය, කෝකිලායි ප්රදේශය ආශ්රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
එහිදි ඔවුන් සතුව තිබූ තහනම් දැලක්, ඩිංගි යාත්රාවක් සහ ධීවර ආම්පන්න සොයාගෙන ඇත.
එම දැල,ඩිංගි යාත්රාව සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට නියමිතව ඇත.